Monday 4th of May 2026

English Tamil
Advertiesment


එප්ස්ටීන් ෆයිල්ස් සහ වෝක් - ගෝලියවාදී වාමාංශිකයො..!


2026-02-05 14950

 

(සචින් රත්වත්තේ) 
 

එප්ස්ටීන් ෆයිල්ස් සම්බන්ධයෙන් අපේ ලාංකිකයන්ට සම්පූර්ණ චිත්‍රය ගැන කියවීමක් නැහැ.

ඒ නිසාම සමහරු මේ තත්ත්වය ගැන පට්ටපල් බොරු තක්කඩි සමාජගත කරනවා පෙනෙනවා.

'එප්ස්ටීන් ෆයිල්ස්' කතාව තේරුම් ගන්න අපිට මේ හුදෙකලා සිදුවීමෙන් බැහැ.

'එප්ස්ටීන් කතාව' අපි තේරුම් ගන්න ඕන සමස්ථ ඇමෙරිකානු දේශපාලනය එක්ක සමස්ථ චිත්‍රයම හරියට කියවගෙන.

2024 ට පෙර සහ පසු තවමත් ඇමෙරිකානු දේශපාලනය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා.

එක පිරිසක් ජාතිකවාදී දක්ෂිණාංශිකයො. ට්‍රම්ප් නායකත්වය දෙන්නේ මේ කඳවුරට.

අනෙක් පිරිස ලිබරල්, වෝක්, ගෝලියවාදී, වාමාංශිකයො. මෙතෙක් සමස්ථ ලෝකයේම බලය තිබුණේ ඔවුන්ට.

මාධ්‍ය, සිනමාව, කලාව, දේශපාලනය සියල්ල පාලනය කළේ ඔවුන්.

ඔවුන්ට විරුද්ධ මත දරන පුද්ගලයන් 'කැන්සල්' කළා.

ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළා. ඔවුන් හුදකලා කෙරුණා.

චිත්‍රපට වලට අනවශ්‍ය විදියට 'කලු ජාතික', 'සමරිසි' චරිත ඇතුලත් කළා.

LGTV ඇජෙන්ඩාව පාසල් වලට ඇතුලත් කළා. පාසල් දරුවන්ට සමරිසි වෙන්න සහ ලිංගිකත්වය මාරු කර ගන්න පෙළඹෙව්වා.

කාන්තා තරග වලට උපතින් පිරිමින්ට තරග කිරීමට අවස්ථාව ලබා දුන්නා.

රූ රැජිණි තරග වලින් පවා පිරිමින් ජයග්‍රහණය කළා.

ආගම සහ ආගමික සදාචාර පද්ධතිය ප්‍රතික්ෂේප කළා.

ට්‍රම්ප් බලයට පැමිණීමට පෙර තිබුණේ ලිබරල් වාමාංශිකයන්ගේ ඇජෙන්ඩාව වූ වෝක් සංස්කෘතිය ඉස්මුරුත්තාවට ගිය ඇමෙරිකාවක්.

2024 ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා දීපු ප්‍රධාන පොරොන්දු කිහිපයක් තිබුණා.

1) ඇමෙරිකාව අනවසර සංක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම. සංක්‍රමණික පාලන ආයතන ශක්තිමත් කිරීම.

2) මෙතෙක් බුද්ධි අංශ විසින් සඟවා සිටින එප්ස්ටීන් ෆයිල්ස් ප්‍රසිද්ධ කිරීම. මේක ට්‍රම්ප්ගේ ප්‍රධාන සටන් පාඨයක්.

3) ගෝලීය LGබීටි ඇජෙන්ඩාව පරාජය කිරීම. පාසල් පද්ධතිය තුළින් සමරිසි ලිංගික අධ්‍යාපනය ඉවත් කිරීම.

4) ගෝලියවාදී ආයතන වලින් ඇමෙරිකාව ඉවත් කිරීම.

5) ඇමෙරිකාවේ භාෂණයේ නිදහස, ව්‍යාපාරික නිදහස යළිත් තහවුරු කිරීම. එවකට පාලකයන් අකමැති සියලූම මත දැඩිව පාලනය කළා.

6) යළිත් ක්‍රිස්තියානි හර පද්ධතිය මූලික වූ ඇමෙරිකානු රාජ්‍යයක් බිහි කිරීම.

මේ සියලූම සටන් පාඨ වලට එළිපිටව සහ රහසිගතව විරුද්ධව කටයුතු කළේ පාලක ඩිමොක්‍රටික් පක්ෂය.

ඔවුන් නියෝජනය කළේ ගෝලීය වම.

ජෙෆ්‍රී එප්ස්ටීන් කියන්නේ බුද්ධි අංශ මෙහෙයුමක්. ඔහු 'සෙක්ස් අයිලන්ඩ්' එකක් පවත්වාගෙන ගියා. ඒ දූපතේ බාලවයස්කාර ළමයි හිටියා.

ලෝකයො නළුවො, ධනවත්තු, දේශපාලකයො, රජ කුමාරවරු තමන්ගේ විකෘති ආශාවන් සපුර ගන්න මේ දූපතට ගියා.

එප්ස්ටීන් ෆයිල්ස් ගැන කතා කරද්දී ඩිඩීගේ සාද ගැන කතා නොකර බැහැ.

ඇමෙරිකානු රැප් ගායකයෙක් වෙන ඩිඩී පවත්වන සාද සංස්කෘතිය ගැනත් රිපබ්ලිකන් වේදිකාවේ කතා වුණා.

අවසානයේ ට්‍රම්ප් රජය ඩිඩීට එරෙහිවත් නඩු පැවරුවා.

එහිදී හෙළිවුණේ හොලිවුඩය සහ ඇමෙරිකානු සංගීත ක්ෂේත්‍රයේ කට්ටියගේ විකෘති ලිංගික හැසිරීම්.

එවක යෞවනයෙක් වූ ජස්ටින් බීබර් පවා මේ සාද වලදි අපහරණයට ලක්ව තිබුණා.

අවසානයේ 2025 දී ඩිඩී සිරගත වුණා.

මේ කලාකාරයො, සිනමාව, දේශපාලනය සියලූම දෙනා වැඩ කළේ එකම ඇජෙන්ඩාවකට.

ගෝලිය දක්ෂිණාංශික කඳවුරේ මිනිස්සු 'කැන්සල්' කරලා දැම්මේ ඔවුන්.

වෝක් සංස්කෘතියේ කොඩිය උස්සගෙන ගියේ ඔවුන්. කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් කියලා සාම්ප්‍රදායික ඇමෙරිකානු සංස්කෘතිය විවේචනය කළේ ඔවුන්.

බිල් ගේට්ස් වෝක් වාමාංශික කඳවුරේ ප්‍රධාන අනුග්‍රාහකයෙක්.

 

 

බිල් ක්ලිංටන්ගේ බිරිඳ හිලරි ගෝලියවාදී කඳවුරේ ප්‍රබල නායිකාවක්.

එප්ස්ටීන් දූපතේ රෙගියුලර් අමුත්තෙකු වූ රිචර්ඩ් බ්‍රැන්සන් ලිබරල් වාම කඳවුරේ ප්‍රධාන චරිතයක්.

සමස්ථ හොලිවුඩ් සිනමාව, නෙට්ෆ්ලික්ස්, ප්‍රධාන මාධ්‍ය සියල්ල මේ කඳවුර නියෝජනය කළා.

එප්ස්ටීන් ෆයිල්ස් රහසිගතව තියාගෙන හිටියේ ඩිමොක්‍රටික් ආණ්ඩුව.

එප්ස්ටීන් ෆයිල්ස් ජනතාවට ප්‍රසිද්ධ කළේ ට්‍රම්ප් ආණ්ඩුව.

මෙතනදී ලාංකික හෑලිකරුවන් ට්‍රම්ප් - එප්ස්ටීන් සිදුවීමට ගැවීමට උත්සාහ කර තිබුණා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සුචරිතවාදියෙක් නෙවෙයි. ඔහු ඉතා විවෘත 'ප්ලේබෝයි' කියලා හදුන්වන්න පුලුවන් මිනිහෙක්.

ඔහු ජෙෆ්‍රී එප්ස්ටීන් දැන සිටි බවට කිසිඳු සැකයක් නැහැ.

හැබැයි ඔහුගේ සහ එප්ස්ටීන් දූපතට ගිය බුවාලා අතර වෙනසක් තියෙනවා.

ට්‍රම්ප් ඔහුගේ පුද්ගලික ජීවිතය විවෘතව තබා ගත්තා. ඔහු ඉතාම විවෘතව කතා කළා. නමුත් බිල් ක්ලිංටන් ලා, බිල් ගේට්ස් ලා, බ්‍රැන්සන් ලා පෙනී හිටියේ ගෝලියවාදී සුචරිත චරිත විදියට.

එමෙන්ම ඔහු දේශපාලනය කරන්නේ, පෙනි ඉන්නේ මේ කල්ලියට විරුද්ධව. එම නිසාම ඔහුට බොහෝ දේ අහිමි වුණා.

අනෙක් අතට ට්‍රම්ප් එප්ස්ටීන් දූපතට එක් වරක් හෝ ගිය පුද්ගලයෙක් නොවෙයි.

ඔය චෝදනාව ඇමෙරිකාව ට්‍රම්ප් විරෝධි මාධ්‍ය පවා නොකරන එකක්.

මන්ද ට්‍රම්ප්ට එරෙහිව එප්ස්ටීන් දූපත සම්බන්ධව කිසිඳු සාක්ෂියක් නැහැ. (තුන්වන පාර්ශවයන් ඔස්සේ නම සඳහන් වීම යනු අපරාධකරුවෙක් වීම යන්න නොවෙයි.)

එමෙන්ම විහිලුවක් මුවාවෙන් මේ චෝදනාව සිදු කිරීමට උත්සාහ කළ ට්‍රේවර් නෝආට නඩු පවරන බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

වඩා වැදගත්ම දේ ට්‍රම්ප් සහ කඳවුර පෙනී සිටින අරමුණ.

වාමාංශික ඩිමොක්‍රටික් රජය රහසක් ලෙස තබා ගත් එප්ස්ටීන් ෆයිල්ස් ප්‍රසිද්ධ කරන්නේ ට්‍රම්ප්.

කාන්තා තරග වලට පිරිමින් සහභාගී වීම තහනම් කළේ ට්‍රම්ප්.

පාසල් පද්ධතියෙන් සමරිසි ඇජෙන්ඩාව ඉවත් කළේ ඔහු.

පාසල් දරුවන්ට ලිංගිකත්වය වෙනස් කරන ශල්‍යකර්ම තහනම් කළේ ඔහු.

වඩා වැදගත් ලෙසට USAID ඇතුළු ගෝලියවාදී ආධාර ජාලය තහනම් කළේ ට්‍රම්ප්.

එම නිසා බොහෝ NGO කාරයන්ගේ බඩට වැදුණා.

මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා ලැබෙන ආධාර වලින්ම ජීවත් වූ පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්නවා.

ට්‍රම්ප් රජය බලයට පැමිණි වහාම ඔවුන්ට රැකියා අහිමි වුණා.

ට්‍රම්ප් රජයට එරෙහිව ඇමෙරිකාවේ ෆේක් නිවුස් මාධ්‍ය පවා සිදු නොකරන චෝදනා ශ්‍රී ලංකාවේ ලියැවෙන්නේ ඒකයි.

Advertiesment